ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2016 වසරේ ජනවාරි මස පැවැත්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් පිරිසක් පෙරේදා (19දා) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස දෙකක කාලය තුළදී පැවැත්විය යුතු බවට තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය කුමක්දැයි යන්න පිළිබඳව 'අද' කළ විමසුමකදී ඔහු ඊයේ (20දා) ඉහත අදහස් දැක්වීය.
“මම ඒක වැඩිය ඔළුවට ගන්නේ නෑ. ඒ අයට සාකච්ඡා කරන්න පුළුවන් අපට ඒක ප්‍රශ්නයක් නෙමෙයි" යැයි අමාත්‍යවරයා පැවසීය.
තීරණය ගැන කෑගහන එක තේරුමක් නෑ - -ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ජයන්ත ධර්මදාස
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන බව සඳහන් කර තිබියදී ඒ සඳහා විරුද්ධව අදහස් ප්‍රකාශ කරමින් නිලවරණය කලින් ඉල්ලීම තේරුමක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා අද පුවත්පතට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කරන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර දැරුවේද ජයන්ත ධර්මදාස මහතාය.
" මට කියන්න දෙයක් නෑනේ. මොකක්ද කියන්නෙ, අපි ආණ්ඩුවට විරුද්ධව යන්නද? ආණ්ඩුව තීරණයක් (නිලවරණය ජනවාරි මස පැවැත්වීමට) අරන් තියෙනවා. ඒක ඒ අයට (හිටපු නිලධාරී පිරිසට) දැනුම් දීලා තියෙනවා. ඒ අය ඇමතිතුමා හමුවුණා. ඇමතිතුමාගේ තීරණයට 'හා' කියලා කිවුවා. තවත් ඕක ගැන අපි කියලා කලබල කරලා වැඩක් තියෙනවද?
ඇමතිතුමා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවානේ නිලවරණය ජනවාරි මාසයේ තියෙනවා කියලා. ඉතින් තව මොනවද? එතනින් එහාට අපි කෑගහලා වැඩක් නෑනේ. බොරුවට තේරුමක් නැති වැඩක් මේ කරන්නේ. රටේ ඉන්න මිනිස්සු හැටියට අපි තේරුම්ගන්න ඕන මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ කියලා" යැයි හිටපු සභාපතිවරයා පැවැසීය.
එසේම වැරදි තිබෙන පුද්ගලයන් එම වැරදි වසාගැනීම සඳහා නැවතත් ක්‍රිකට් ආයතයනට ඒමට උත්සාහ කරන බවත්, තමන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව විමසූ විට අමාත්‍යවරයා පැහැදිලි පිළිතුරක් ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.
"තමන්ගේ වැරදි වහගන්න ඔක්කොම මේ හදන්නේ. වැරදි කරලා තියෙන අය තමයි මේ කෑගහන්නේ, අපි කෑගහන්නේ නෑ. වැරදි තියෙනවා නම්, වැරදි වහගන්න ෆයිල් උස්සන්න තමයි එතනට එන්න හදන්නේ. මේකට අපි සම්බන්ධ වෙන්නේ නැත්තෙ, අපි ඇමතිතුමාගෙන් ඇහුවා 'සර් ඇයි මේ අතුරු කමිටුව දාන්නේ, මොකක්ද හේතුව කියලා' එතකොට කිවුවා 'නෑ ක්‍රීඩා රෙගුලාසි කිහිපයක් වෙනස් කරන්න තියෙනවා, ඒක නිසා ටිකක් කල් දෙන්න. ඊට පස්සෙ ඡන්දයක් තියන්නම්' කියලා. ඉතින් අපි ඇමතිතුමා කියන දේ පිළිගත්තා. දැන් මේ ඇමතිතුමාටයි ආණ්ඩුවටයි විරුද්ධව යාම ඇත්තටම වෙලාව නාස්ති කරන, තේරුමක් නැති වැඩක්" යැයිද ඔහු පැවසීය.
එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට තිබෙන තත්ත්වය නැති කිරීමටත්, එයින් ශ්‍රී ලංකාවට එන ප්‍රතිපාදන නැති කිරීමටත් පිරිසක් වෑයමක් දරන බවත්, වර්තමාන අතුරු කමිටුව හොඳ බවත් ඔහු පැවසීය.
"තවත් පැත්තකින් අයි.සී.සී. එකට දන්වලා අපට එන සල්ලි ටික නැති කරන්නයි, අපට තිබෙන ප්‍රතිරූපය නැති කරන්නයි හදනවා. මම කියන්නේ ඒක වැරදියි. මේක ඉවරයක් කරන්නේ නෑ. මේ අය ගිහින් කිවුවා කියලා ඇමතිතුමා හෙට නිලවරණයක් තියයිද? නෑනේ. මේ ආණ්ඩුවට ඊට වඩා වැඩ තියෙනවානේ කරන්න.
දැන් කමිටුවක් (අතුරු පාලක කමිටුව) තියෙනවානේ. කමිටුව හොඳයිනේ.
කමිටුව හොඳ තීරණ අරන් තියෙනවා. ඒක ඒ අය කරනවා. කමිටුවක් නැත්නම් තමයි ප්‍රශ්නේ. සිදත් වෙත්තමුණි (අතුරු කමිටු සභාපති) ඉන්නවා. ඒ අය දන්නවා ක්‍රිකට්වලට මොනවද ඕන කියලා. කලින් හිටපු කට්ටියක්නේ. අපි ඡන්දයක් තිබුණොත් එදාට ගිහින් වැඩ කරනවා. එච්චරයි" යනුවෙන්ද හිටපු සභාපතිවරයා අවසාන වශයෙන් පැවසීය.
ග්‍රැෆික්ස් සෙනරත් ධර්මතිලක