2016 ජනවාරි 03 වැනිදා පැවැත්වෙන ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය සඳහා තිලංග සුමතිපාල මහතාගේ ප්රධානත්වයෙන් සුවිශේෂ කණ්ඩායමක් ඉදිරිපත් වීමට නියමිත බව වාර්තාවෙයි. මේ අනුව සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාල, උප සභාපතිවරුන් ලෙස ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන්, ලේකම් තනතුර සඳහා මොහාන්ද සිල්වා, භාණ්ඩාගාරික තනතුර සඳහා ෂම්මි සිල්වා යන ක්රිකට් පරිපාලනයේ ප්රබලයන් පිරිසක් එක් කණ්ඩායමක් ලෙස තරග වදිනු ඇත. මෙම කණ්ඩායම මෙතෙක් ක්රිකට් නිලවරණයකට ඉදිරිපත් වූ ප්රබලම කණ්ඩායම ලෙස සැලකෙන අතර මොවුන් ඉදිරි දින කීපයේ දී නාමයෝජනා ලබා දීමට නියමිතය. මෙවැනි ප්රබල කණ්ඩායමක් නිලවරණයට එක්වීම නිසා ක්රිකට් නිලවරණයට තරග කිරීමට සිටි බොහෝ දෙනෙකු එයට ඉදිරිපත් නොවනු ඇති බවත් මෙවර නිලවරණය තනි අශ්වයාගේ තරගයක් වනු ඇති බවත් ක්රිකට් පරිපාලනයේ ප්රවීණයෝ කියති.