ක්රිකට් ඉතිහාසය කාන්තාවන් වෙනස් කරයි
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගාවලියකදී විනිසුරු කාර්යයට කාන්තාවන් දෙදෙනෙක් එක්වූ පළමු අවස්ථාව ඊයේ (23දා) අයි.සී.සී. ක්රිකට් ලීගයේ පස්වැනි කාණ්ඩයේ තරගයකදී සිදුවිය.
නයිජිරියා හා ඕමානය අතර පැවැති තරගයට කාන්තා විනිසුරන් දෙදෙනෙක් එක්ව සිටි අතර එංගලන්තයේ සූ රෙඩ්ෆර්න් පිටියේ විනිසුරුවරියක ලෙසත්, දකුණු අප්රිකාවේ ජැකලින් විලියම්ස් එම තරගයේ තෙවැනි විනිසුර ලෙසත් කටයුතු කළේය.
අනෙක් විනිසුරු වූයේ ස්කොට්ලන්තයේ ඇලෙක්ස් ඩවුඩල්ස්ය. අයි.සී.සීය සංවිධානය කරන කාන්තා තරගාවලියන්හදී කාන්තා විනිසුරන්ගේ සහාය ලබාගත්තත් පිරිමි තරගාවලියකට කාන්තා විනිසුරන් යොදා නොගනී.
එංගලන්තයේ රෙඩ්ෆර්ම් 38 හැවැරිදි වියේ පසුවන එරට හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩිකාවක් වන අතර 40 හැවැරිදි කොදෙව්හි විලියම්ස් කොදෙව් පළමු පෙළ එක්දින තරගාවලියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරමින්ද ඉතිහාසයට එකවූ විනිසුරුවරියකි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම ලකුණු 220ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස නයිජීරියානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 39ක් පමණි.
රෙඩ්ෆර්න් (වමේ), විලියම්ස් (දකුණේ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

