ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාල වකවානුවේ සිදුවූවා යැයි පැවසෙන වංචා දූෂණ සෙවීමට කමිටුවක් පත්කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානයක මහතා පවසයි.
සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශයේ සිදුවී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පිළිබඳව සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.