ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට විවිධ ආයතනයන්ට රුපියල් බිලියන 2.4ක මුදලක් ගෙවීමට ඇති බවත්, එම මුදල් ගෙවා දැමුවහොත් ක්‍රිකට් ආයතන සාමාජිකයන්ට වැටුප් ගෙවීමට පවා සත පහක්වත් ඉතිරි නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (21දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මුල්‍ය විගණන සමාගමක් හා එක්ව සම්පාදනය කළ විගණන වාර්තාව ක්‍රිකට් ආයතයේ භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
"ක්‍රිකට් ආයතනයේ ආදායම් වියදම් පිළිබඳ තත්ත්වය හා දැනට තිබෙන මුල්‍යමය තත්ත්වය පිළිබඳව විගණන විමසුමක් ජාත්‍යන්තරව පිළිගත් ආයතනයකින් සම්පාදනය කර අද (ඊයේ) භාර දුන්නා. මෙය කියවා හොඳින් බැලිය යුතු කාරණාවක්. දැනට තිබෙන තත්ත්ව එක්ක ගත්තාම ඔවුන්ගේ (විගණනය කළ සමාගම) අදහස් හා පැහැදිලි කිරීම් අනුව බිලියන 2.4ක පමණ මුල්‍ය වගකීමක් වරාය අධිකාරියට හා විවිධ ආයතනයන්ට, ක්‍රිකට් ආයතනය ගෙවීමට තිබෙනවා.
මේ විදියට බිලියන 2.4ක් ක්‍රිකට් ආයතනයෙන් දෙන්න ගියොත් ක්‍රිකට් ආයතනයේ පඩි ගෙවාගන්න තියා, සාමාන්‍ය ක්‍රීඩකයන්ට ගෙවීම් කිරීමටවත් සත පහක්වත් ඉතිරි වෙන්නේ නැහැ. මේක තමයි ක්‍රිකට් ආයතනයේ ඇත්ත මුල්‍යමය තත්ත්වය. මේ සම්බන්ධව කරුණු නොදැන සමහර අය පසුගිය කාලයේ කියලා තිබුණා ක්‍රිකට් ආයතයනය ලාභ ලබනවා, ගොඩක් හොඳට කරලා තිබුණ බව. නමුත් හොඳට කරපු එක බොහොම පැහැදිලිව පේනවා දැන්"
"මෙහි තිබෙන ප්‍රධානම ප්රශ්නය තමයි සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරිමේදී, කිසිම ආකාරයේ ක්‍රිකට් ආයතනයත් එක්ක, කිසිම විදියක වරාය අධිකරිය හා සාකච්ඡා කර අනුමැතියකින් තොරව තමයි එකඟතාවකට (ක්‍රීඩාංගණය ඉදිකිරීමට) ඇවිත් තිබෙන්නේ. මේවා නිවැරදි ලෙස සිද්ධ විය යුතුව තිබුණා.
ක්‍රිකට් ආයතනය විදියට ඔවුන් තීරණය කරන්න ඕන, මෙම ක්‍රීඩාංගණය ඉදිකළ යුතුද නැද්ද කියන කාරණය. නමුත් ඔවුන් කිසිම එකඟතාවකට ඇවිත් නැහැ, කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවක් අනුව ඔවුන්ට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ.
ඒ විතරක් නෙමෙයි මේ පිළිබඳව යම්කිසි ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවා. මේ සඳහා බිලියන 1.2 ක් පමණ වියදම් මෙහි තිබෙන්නේ. ඒ පිළිබඳව අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ම යම් උත්තරයක්. ඔවුන් මේ වාර්තාව අරගෙන, ඔවුන්ගේ විධායක කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. ඉන්පසු විධායක කමිටුව හරහා ඔවුන් අපට කියන්න ඕන මොනවගේ තත්ත්වයක්ද තිබෙන්නේ, මොන විදියටද මෙයට ඔවුන් පිළිතුරු හොයන්නේ සහ ආණ්ඩුව විදියට ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපි කොහොමද මැදිහත් වෙන්නේ කියලා"
"මේවා වහන්න අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ, මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා හා අගමැතිතුමා එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳ නිවැරදි තීරණයක් ගන්න. පළමුව ක්‍රිකට් ආයතනය මේ තිබෙන මුල්‍ය වගකීමෙන් බේරාගන්න ඕන.
මේවා ජනතාවගේ සල්ලි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන් බොහොම අමාරුවෙන් ක්රීඩාකරලා, ඒ වගේම පාලක මණ්ඩලය මහන්සිවෙලා හදාගත්ත මුදල්. මේවා කාබාසිනියා කරන තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. දැන් එය නැතිකිරීම සඳහා අවශ්‍ය කරන වැඩකටයුතු සිදුකරනවා"
"දැනටත් මුදල් අවභාවිත වනවා කියලා විවිධ චෝදනා තිබෙනවා. මම මාධ්‍යයෙන් ඒ බව දුටුවා. කරුණාකරලා මම සියලුම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා විවිධ චෝදනා එල්ල කළාට, ඒවා නිවැරදි ලෙස මට පෙන්වා දුන්නොත් පමණයි පියවර ගන්න පුළුවන්.
පුවත්පත්වලත් තිබුණේ පැමිණිලි කරන්න යනවා කියලා විතරයි. හැබැයි කවුද ඒ, මොනවද ඒ දූෂණ කියලා පෙන්වා දුන්නොත් ඒ අයට එරෙහිව පියවර ගන්න මම කිසිවිටක පැකිළෙන්නේ නැහැ. මම මාධ්‍යයෙන් ඉල්ලනවා ඔබට ලැබිලා තිබෙන තොරතුරු ලබාදෙන්න කියලා. මම සොයා බැලූ සමහර කාරණා පිළිබඳව එවැනි අවභාවිතවීම් සිදුවෙලා නැහැ" යැයි පවසා සිටියේය.
අද ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතාවක් වෙනවා කියලා, කවුරු හරි ඔප්පු කළොත් හෙට ඉල්ලා අස්වෙනවා
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ශම්මි සිල්වා
විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදීම පිළිබඳ අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා, "2011 සූරියවැව ක්‍රීඩාංගණය සෑදීම සම්බන්ධයෙන් විගණනයක් කළා. එහිදී බිලියන 2.2ක් ගෙවන්න තිබෙනවා. ක්‍රිකට් ආයතනය එය ගෙවන්න බැඳිලා නැහැ. අද අපි එය ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදුන්නා. එහි පරස්පර ගිණුම් තිබෙන බව මේ වනවිට අනාවරණය වෙලා තිබෙනවා. මේ කියන බිලියන 2.2 ගෙවුවොත් අපිට ක්‍රිකට් ආයතනය වහන්න වෙනවා.
මීට ක්‍රිකට් ආයතනය ගෙවිය යුතු නැති මුදලකුත් එකතුකර තිබෙනවා. අපි මෙම විගණන වාර්තාව විශේෂ මහ සභා රැස්වීමකින් (AGM) අනුමත කරලා තමයි සිදුකළේ. එහිදී අපේ සාමාජිකයන් පවා යෝජනා කළා, FCID එකට හෝ CID එකට දාන්න කියලා. අපි එය ඊළඟ ජූලි මාසයේ පැවැත්වෙන විධායක සභාවට ඉදිරිපත් කරලා තීරණය කරනවා කුමක්ද කළ යුත්තේ කියලා.
මෙම ක්‍රීඩාංගණය (සූරියවැව) 2011 වසරේදී අපට කරන්න දුන්නේ කැබිනට් පත්‍රිකාවකින්. අපි ඒකට කැමති වෙලත් නැහැ. මෙය කරලා තිබෙන්නේ චයිනා හාබර් එකේ වේරියේෂන් කියන එකකින්. එනිසා මේ මුදල ගෙවන්න ක්‍රිකට් ආයතනයට කිසිම බැඳීමක් නැහැ. අනික මේ සඳහා අවබෝධතා ගිවිසුමක්වත් නැහැ. මේ සල්ලි දීලා තිබෙනවා බිලියන 1.2ක්. ඒ මුදලත් අපට දීපු විදිය ගැන ප්‍රශ්න කරන්න වෙනවා.
කවුරු හෝ පවසනවා නම් ක්‍රිකට් ආයතනය තුළ දැනටත් මුදල් අවභාවිතාවක් වෙනවා කියලා, කවුරු හරි එය ඔප්පු කළොත් මම හෙට ඉල්ලා අස්වෙනවා."යැයි පැවසීය.