ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයේ හිටපු අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක අන්කිට් කෙෂ්රි ක්‍රිකට් පිටියේදී සිදුවූ අනතුරකින් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අද (20දා) පෙරවරුවේදී මෙම මරණය සිදුව තිබෙනවා. මීට දින තුනකට පමණ ඉහතදී පැවැති තරගයකදී පිටියේ පන්දු රකිමින් සිටියදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී පන්දු යැවු ක්‍රීඩකයා හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මිය ගිය අන්කීට් අවුරුදු 20ක ක්‍රීඩකයෙක් වෙනවා. බෙංගාල පළමු පෙළ තරගයකදී මෙම අනතුරව සිදුව තිබෙනවා.