ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ බිහිවී අති දක්ෂතම ඉදිරි පෙළ ප්‍රහාරකයෙකු ලෙසින් සැලකෙන පෘතුගාල ජාතික එයුසෙබියෝ ගිය ඉරිදා සිය ජීවන චාරිකාවෙන් සමුගත්තේය. හෘදයාබාධයක් හේතුවෙන් මියයන විට එයුසෙබියෝ 71 වැනි වියේ පසුවිය.
'කළු හඳුන් දිවියා' නැතිනම් 'බ්ලැක් පැන්තර්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු එයුසෙබියෝ, පෘතුගීසි භාෂාව කතා කරන රටවල පාපන්දු ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියේය. ඔහු එදා මෙදාතුර ජාත්‍යන්තර පාපන්දු පිටියේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහාරකයෙකු ලෙසින්ද සැලකෙයි.
"එයුසෙබියෝ සදාකාලිකයි... ඔහු සාමදානයේ සැතපේව" යනුවෙන් රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු මෙන්ම වර්තමාන පෘතුගාල කණ්ඩායමේ සිටින සුපිරිම තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.
මේ පීළිබඳව වැඩි දුර විස්තර 07 වැනිදා අද පුවත්පතේ පළවේ......