පාකිස්තානය සමගින් පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායමේ සංයුතිය හොඳ මට්ටමක ඇති බවත්, එහි හොඳ නවක ක්‍රීඩකයන් රැසක් සිටින බවත් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන් පැවසීය.
පාකිස්තානු 'ඒ' කණ්ඩායම සමගින් අනිද්දා (26දා) ආරම්භ වන තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අශාන්,
"තරගාවලිය සඳහා අපි පුහුණුවීම් ආරම්භ කළේ මීට සති තුනකට පමණ පෙර සිටයි. සහභාගි වෙන ක්‍රීඩකයන් පිළිබඳ සඳහන් කරනවා නම් කණ්ඩායමේ හොඳ නැගී එන ක්‍රීඩකයන් රැසක් සිටිනවා. ඔවුන් දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන්. ඒ නිසා මෙවර තරගාවලියේදී ඔවුන් දක්ෂතා අතරට පැමිණේවි කියල අපි බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ පැවසුවේ, පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ජාතික සංචිතයේ සිය ස්ථාන තහවුරු කර ගැනීමට සමත් වූ බවයි. ඒ ෙහ්තුෙවන් ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හඳුන්වාදීමට මෙවර තරගාවලිය යොදාගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
මෙම තරගාවලියේදී පාකිස්තාන 'ඒ' සංචිතය ෆවාඩ් අලාම් විසින් මෙහෙයවන අතර, මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් තමන්ට දැඩි අභියෝගයක් එල්ල වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අංශ ප්‍රධානී කාල්ටන් බර්නාඩස්, පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් අක්රම් හා කණ්ඩායමේ කළමනාකරු නවුසාඩ් අලී ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ඡායාරූප චානුක කුලසේකර