වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකු තරග පාවාදීම සඳහා සම්බන්ධ නොමැති බවට තමන් වගකිමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අද (17දා) පැවැසීය.
මහනුවර දළදා මාළිගාවේ ආගමික වතාවත් සඳහා එක්වීමෙන් අනතුරුව පල්ලේකැලේ පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
"මම වගකීමකින් කියනව දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කිසිම ක්‍රීඩකයෙක් තරග පාවාදීමකට සම්බන්ධ වෙලා නෑ. නමුත් ඒ අයගෙන් සාක්ෂි ගන්නව. තරග පාවා දෙන්න උත්සාහ ගත්ත නෙට් බෝලගෙන් හා දැනටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවය කරන වේග පන්දු පුහුණු කරුවෙක් ගැන සඳහන් වෙනව. ඔවුන් දෙදෙනා ගැන වාර්තාවක් මම ඉල්ලල තිබෙනව. ඉන් පසුව ඔවුන්ගේ වැඩ තහනම් කරන්නට වෙනව පරීක්ෂණ අවසන් වෙනකම්"