නවසීලන්ත රග්බි කණ්ඩායම හඳුන්වන්නේ ඕල් බ්ලැක්ස් යන අන්වර්ථ නාමයෙනි. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී පැවැසුවේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නංවන්න නවසීලන්තයේ සහාය ලබාදෙන බවයි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ආමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම කාර්යය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කළ පුද්ගලයෙකි.
ඒ අනුව ඔහුට නවසීලන්තයේ වෙලිංග්ටන්හි ඕල් බැලැක්ස් කණ්ඩායමේ මූලස්ථානයට යාමට අවස්ථාවක් හිමිව තිබේ.අමාත්‍යවරයාගේ සංචාරය අමතක නොවන දෙයක් කිරීමට නවසීලන්ත රග්බි කණ්ඩායම කටයුතු කර තිබෙන්නේ ලෝක කුසලානය දිනාගත් නවසීලන්ත රග්බි කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ගේ අත්සන සහිත ක්‍රීඩා ජර්සියක් ඔහුට ලබාදෙමිනි.
ශ්‍රී ලංකාවේ රග්බි ඇකඩමියක් ආරම්භ කිරීමට හා ශ්‍රී ලංකාවේ රග්බි පුහුණුකරුවන්ට පුහුණු සැසි ක්‍රියාත්මක කිරීමටත් නවසීලන්තයේ පුහුණුකරුවෙක් ශ්‍රී ලංකාවට එවීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
තවදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පවසන්නේ ලෝක කුසලානයක් දිනාගත් නවසීලන්ත රග්බි කණ්ඩායමක සියලු ක්‍රීඩකයන්ගේ අත්සන් සහිත ජර්සියක් හිමිවූ පළමු ශ්‍රී ලාංකිකයා තමන් බවයි.