ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එළඹෙන 08 වැනිදා සිඩ්නි පිටියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී.
ඒඅද (01දා) පැවැති තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. රංගන හේරත් යොමුකළ පන්දුවට ජොස් බට්ලර් වේගයෙන් එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙසින් ඔහු දෙසට පැමිණි අතර, එය රැකගැනීමට උත්සාහ කිරීමේදී ඔහු පන්දුව යොමුකරන වම් අත ආබාධයකට ලක්විය.
මේ පිළිබඳව ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවයට අදහස් දක්වා තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසා තිබුණේ වෛද්‍ය වාර්තා අනුව ඔහුට දින 8-10ක කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බවයි.