ඔස්ට්‍රේලියාව 221-4
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර බෝඩර්-ගවස්කාර් කුසලානය සඳහා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 221 ක් ලබාගෙන සිටියේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 65 ක්ද, ක්‍රිස් රොජර්ස් ලකුණු 55 ක්ද රැස්කිරීමට සමත්වූහ.
ඊයේ දිනය ආරම්භ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 311 ක් ලබාසිටි ඉන්දීය පළමු ඉනිම ලකුණු 408 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වීම කැපී පෙණුනි.
ඉන්දීය ඉනිම ගොඩනැගූ මුරලි විජේ ලකුණු 144 ක් රැස් කළ අතර, අජින්ක්‍යා රහානේ ලකුණු 81 ක් රැස් කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සිය ප්‍රථම ටෙස්ට් තරගයට එක්වූ ජෝස් හේස්ල් වුඩ් ලකුණු 68 කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය. තරගය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන්හිදී පැවැත්වේ.
ඉන්දියාව 408/10
මුරලි විජේ 144 (පන්දු 213, 4x22)
අජින්ක්‍යා රහානේ 81 (පන්දු 132, 4x8)
රවිචන්ද්‍රන් අෂ්වින් 35 (පන්දු 57, 4x6)
ජෝෂ් හේස්ල්වුඩ් 5/68 (පන්දුවාර 23.2)
නේදන් ලයන් 3/105 (පන්දුවාර 25.4)
ඔස්ට්‍රේලියාව 221/4
ස්ටීවන් ස්මිත් 65 (පන්දු 88, 4x6, 6x2)
ක්‍රිස් රොජර්ස් 55 (පන්දු 79, 4x10)
ෂෝන් මාෂ් 32 (පන්දු 70, 4x5)
උමේෂ් යාදව් 3/48 (පන්දුවාර 13)
රවිචන්ද්‍රන් අෂ්වින් 1/66 (පන්දුවාර 18)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

