සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (23දා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයන් කඩුලු 02ක තියුණු ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙස ජයගැනීමට ඔවුන්ට හැකිවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 280ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු කුයින්ටන් ඩි කොක් ලකුණු 107ක් රැස්කිරීමට සමත්වූ අතර, අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ෆර්හාන් බහර්දීන් පන්දු 41කදී ලකුණු 63ක් රැස්කිරීමට සමත් විය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් පැට් කමින්ස් ලකුණු 54කට කඩුලු 03ක් දවාළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරගය අතර මැදදී වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර, අවසනායේ ඔවුන්ට පන්දුවාර 48කදී ලකුණු 275ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය තරගය නිමාවීමට පන්දු පහක් ඉතිරිව තිබියදී පසුකර යාමට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ. ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන් ආරොන් ෆින්ච් (76), ෂේන් වොට්සන් (82) හා ස්ටීවන් ස්මිත් (67) අර්ධ ශතක රැස්කරමින් ඉදිරිපෙළ ශත්කිමත් කළහ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරාගැනීම සඳහා ප්‍රබල උත්සාහයක් දැරූ රොබින් පීටර්සන් ලකුණු 32කට කඩුලු 04ක් දවාළීය. තරගයේ වීරයා ලෙස කුයින්ටන් ඩි කොක් සම්මාන හිමිකරගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ස්ටීවන් ස්මිත් සම්මාන හිමිකරගත්තේය.
දකුණු අප්‍රිකාව 280/6 (පන්දුවාර 50)
කුයින්ටන් ඩි කොක් 107 (පන්දු 123, 4x14)
ෆර්හාන් බහර්දීන් 63 (පන්දු 41, 4x7, 6x2)
රිලී රොසොව් 51 (පන්දු 71, 4x5)
පැට් කමින්ස් 3/54 (පන්දුවාර 9)
ඔස්ට්‍රේලියාව 275/8 (පන්දුවාර 47.1)
ෂේන් වොට්සන් 82 (පන්දු 93, 4x7, 6x2)
ආරොන් ෆින්ච් 76 (පන්දු 67, 4x11)
ස්ටීවන් ස්මිත් 67 (පන්දු 74, 4x6, 6x1)
රොබින් පීටර්සන් 4/32 (පන්දුවාර 6.1)
මෝනේ මෝකල් 2/69 (පන්දුවාර 10)