සත්කාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමග තරග 3-0 ක් ලෙස තරගාවලියේ ජයද ඔවුන්ට හිමිවිය.
ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 230 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 231 ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස ග්ලෙන් මැක්ස්වෙල් සම්මාන හිමිකරත් අතර, තරගාවලියේ වීරයා ලෙස ස්ටීවන් ස්මිත් සම්මාන හිමිකරගත්තේය.
1975 වසරේ සිට මේ දක්වා (2014) දෙරට අතර එක්දින තරග 92 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 57 ක් ඔස්ට්‍රේලියාව විසින්ද, තරග 31 පාකිස්තානය විසින්ද ජයගෙන තිබේ. එක් තරගයක් සම සමව අවසන් වී ඇති අතර, තරග තුනක් විසඳුමකින් තොරව අවසන්ව ඇත.
එමෙන්ම දෙරට අතර පැවැති එක්දින තරගාවලියකදී පාකිස්තානු කණ්ඩායම අවසන් වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජය කර තරගාවලි (2-1) ජයක් ලබා ඇත්තේ 2002 වසරේ ඔස්ට්‍රේලියාවේ තරග සංචාරකයකදීය. ඉන් අනතුරුව මෙතෙක් පැවැති සියලුම තරගාවලි ඔවුන් පරාජය වී ඇත.