සංචාරක ඔස්ට්‍රේලයාව සමගින් දැන් පැවැත්වෙන පැවති දෙවැනි හා අවසන් පන්දුවාර විස්ස තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර විස්ස අවසාන්යේදී කඩුළු 9 ක් දැවී ලකුනු 128 ක් රැස් කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු එක පිට එක බිඳ වැටෙද්දී නැවතත් ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා පනදු 48 කදී ලකුණු 62 ක් රැස් කිරීමට සමත් වූයේ හතරේ පහර 5 ක් සමගිනි. ඔහුට අමතරව කුසල් ජනිත් පෙරේරා ලකුණු 22 ක් රැස් කළ අතර ඔවුන් දෙදෙනා හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට නොහැකි විය.
පන්දු යැවිමෙන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජේම්ස් ෆෝක්නර් හා ඇඩම් සම්පා කඩුළු 3 බැගින් බිඳ හෙලීය. මේ අනුව ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 කදී ලකුණු 129 ක ඉලක්කයක් හිමි විය. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.