ක්‍රිකට් පිටියේ සිදුවූ මහත් ආන්දෝලනාත්මක වංචාකාරී සිදුවීමක් ලෙසින් ඊයේ(24දා) දිනයේ කේප්ටවුන් හී දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ක්‍රියාකළ ආකාරය සමග, ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට නායකත්වයෙන් ඉවත් වන ලෙසින් ඔස්ට්‍රේලියානු රජය නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ මෙය විශ්වාස කළ නොහැකි තරම් කළකිරීමක් දනවන සිදුවීමක් බවයි.