සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ කිංග්ස්මෙඩ් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයෙන්ද පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (05දා) සමත්වූයේය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 371ක් රැස්කළේ කඩුලු හයක් පමණක් වැයකරමිනි.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එල්ල වූ ඉලක්කය ලකුණු 372කි. කෙසේ වෙතත් මෙම ඉලක්කය පන්දුවාර 49.2කදී කඩුලු හයක් පමණක් වැයකර පසුකර යාමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. පන්දු 79කදී වේගවත් ලකුණු 118ක් නොදැවී රැස්කරමින් දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් සිය කණ්ඩායමේ ජය තහවුරු කළේය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ඩෙවිඩ් වොනර් හා නායක ස්ටීවන් ස්මිත් ශතක වාර්තා කළ අතර ආරෝන් ෆින්ච්ද අර්ධ ශතකයක් වාර්තා කළේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්යින්ටන් ඩි කොක් අර්ධ ශතකයක් රැස්කළේය.
ඒ අනුව මෙම හඹායෑම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගිය දෙවැනි අවස්ථාව වූ අතර පළමු අවස්ථාවටද දකුණු අප්‍රිකාව හිමිකම් කියන්නේ 2006 වසරේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබාදුන් ලකුණු 435ක් හඹායමින් පිහිටවූ වාර්තාවයි.
මෙම තරගයේ ජයත් සමගින් තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය තවත් තරග 2ක් ඉතිරිව තිබියදී ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.