ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතය මෙන්න
- 21 07 2016
- 16:17
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේදී එළැඹෙණ 26දා ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
ඇන්ජලෝ මැතවිස්ගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් අතර උපනායක ලෙස දිනේෂ් චන්දිමාල් නම් කර ඇත.
ආබාධයකට ලක්වූ සුරංග ලක්මාල් මෙන්ම රංගන හේරත් සංචිතයට කැඳවා ඇති අතර නවක ක්‍රීඩකයන් ලෙස රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, ධනංජයද සිල්වා,විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු කණ්ඩායමට නම්කර තිබේ. දිල්රුවන් පෙරේරාටද සංචිතයේ ස්ථානය ලැබී ඇත.
ශ්‍රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, නුවන් ප්‍රදීප්, රොෂේන් සිල්වා, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන් හා සුරංග ලක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

