මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගිවීමට රුසියානු ක්‍රීඩකයන්ට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) පියවර ගෙන ඇත. ඒ රුසියානු මලල ක්‍රීඩා ක්ෂේත්රයේ තහනම් උත්තේජක ගැටලුව පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙමිනි.
මේ අනුව පිටිය තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයන් හැර අනෙකුත් ක්‍රීඩකයන්ට එළඹෙන 5 වැනිදා ආරම්භ වන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි විය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම තීරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික උත්තේජ මර්දන නියෝජ්‍යායතනය (වාඩා) සිය අප්‍රසාදය පළ කොට ඇත.