බ්‍රසීලයේ පැවැත්වෙන 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටත්ව යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (21දා) පෙරවරුවේ ජනපති නිල නිවසේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය.
ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ට සිය සුභාශිංසන පළ කළ බවත්අ තර රට වෙනුවෙන් ජයග්‍රහණ අත් කර ගැනීම සදහා ආශිර්වාදය ද පළ බවත් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැමරීම වෙනුවෙන් නව සමරු මුද්දර 04 ක් සහ මුල් දින කවරයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් එළිදක්වා ඇති අතර එහි පළමු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.