ඒකාධිපතියෙකු ලෙස පුද්ගලයන් ඉවත්කළ නොහැකියි
ක්‍රීඩා සංගම් හතළිස් අටේ තිබෙන ප්‍රශ්න මෙන් ගැඹුරට ගිය ප්‍රශ්න සිය දේශපාලන දිවියේ දැක නැති බවත්, එම ගැටලු නිරාකරණය කළ නොහැකි බවත්, තමන්ට අපක්ෂපාතීව ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරීමේ අවශ්‍යතාවක් ඇතත්, ඒකාධිපතියෙකු වශයෙන් ඇතැම් පුද්ගලයන් ඉවත්කළ නොහැකි බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
"ක්‍රීඩා ක්ෂේත්රයේ නොයෙකුත් ගැටලු තිබෙනවා. ප්‍රධාන ගැටලුවක් තමයි ක්‍රීඩා සංගම්වල තිබෙන ගැටලුව. ඒවා දේශපාලන ගැටලුවලටත් වඩා සංකීර්ණයි. අපි දැන් දේශපාලනය කරලා අත්දැකීම් ලබාගෙන තිබෙනවා. මිනිසුන් අතර තිබෙන ප්‍රශ්න විසඳලා තිබෙනවා. නමුත් මේ ක්‍රීඩා ක්ෂේත්‍ර‘යේ සංගම් හතළිස් අටේ තිබෙන ප්‍රශ්න තරම් ගැඹුරට ගිය ප්‍රශ්න මගේ දේශපාලන ජීවිතයේ දැකලා නැහැ. ඒවා නිරාකරණය කරන්න බැරි ගැටලු. මිත්‍රයන් වෙලා ඉඳලා තරහා වුණු ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, මුදල් වංචා මේවා තමයි මේ සංගම් හතළිස් අටේ තිබෙන්නේ. ක්‍රීඩා ඇමති හැටියට ඒකාධිපතියෙකු විදියට මට මේ අය ඉවත් කරන්න බැහැ. මම නීතිය ක්‍රියාත්මක කරනවා. මට අවශ්‍ය අපක්ෂපාතීව ක්‍රීඩා ඇමති ධුරය දරන්න" යැයි ඔහු පැවැසීය.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ රුපියල් මිලියන 75 ක ප්‍රතිපාදන මගින් ඉදිවන කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේ නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා මුල්ගල තැබීමට ඊයේ (12දා) එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම වසර හතරකට සීමා කිරීම යහපත් කරුණක් ලෙස දකින බවත්, ඒ පිළිබඳ මත දෙකක් පවතින හෙයින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව සාධාරණ තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
"ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම අවුරුදු 04කට සීමාකරන එක හොඳයි කියලා එක පැත්තකින් කියවෙනවා. අනික් පැත්තෙන් තර්කයක් ඉදිරිපත් වෙනවා මේ නීතිය අනුවම 100% ක් ක්‍රියාත්මක කළොත් සමහර ක්‍රීඩා සමිති පරිපාලකයන් නැතිවෙලා ක්‍රීඩාව කඩාවැටෙයි කියලා. මේ ගැන මම නීතිපතිතුමාගෙන් තවත් උපදෙස් ලබාගෙන සාධාරණ තීරණයක් ගන්නවා. මම හිතන්නෙ 2013 න් පස්සෙ මෙම තීරණය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද, එතකොට ක්‍රීඩා නිලධාරීන්ට තමන්ගේ මානසිකත්වය හදාගන්න පුළුවන්, මේ කාලය තුළ විතරයි මට තරග කරන්න පුළුවන් වෙන්නෙ කියලා. එතකොට තවත් හොඳ කණ්ඩායමකට හැදෙන්නත් කල් තියෙනවා" යැයි ඔහු පැවසීය.
පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් ලැබූ මුදල් ගමට ගොස් නොමැති බවත්, ක්‍රිකට් ක්‍රීඩාව හා සමානව පාපන්දු ක්‍රීඩාවට ලැබෙන මුදල්වලට සිදු වූ දේ සොයාබැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගෝ, කැලණිය ප්‍රා‘දේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

