ඉතාලියේ සියරා ඒ ලීග තරගාවලියට ක්රීඩා කරන් එමෙන්න යුරෝපයේ ප්රභල පාපන්දු කණ්ඩායමක් වන ඒ.සී. මිලාන් කණ්ඩායම චීනයට විකිණීමට එහි හිමිකාරිත්වය දරණ හිටපු ඉතාලි අගමැති සිල්වියො බෙරලොස්කෝනි කටයුතු කර තිබෙනවා.
චීනයේ සමූහ සමාගමට ඒ.සී. මිලාන් කණ්ඩායම අලෙවි කර තිබෙන්නේ යුරෝ මිලියන 400 ක මුදලකටය. ඒ.සී. මිලාන් කණ්ඩායම මිලට ගත් චීන සමාගම අදාළ වටිනාකම වසර දෙකක් තුළ ගෙවා දැමීමටත් එකඟ වී තිබෙනවා.
පාපන්දු කණ්ඩායම මිලට ගත් චීන සමාගම ගැන හෙළිදරව් නොකිරීමටද හිටපු ඉතාලි අගමැතිවරයා කටයුතු කර තිබෙනවා. සිවු වතාවක් ඉතාලි අගමැති ධූරය හෙබවූ බෙරලොස්කෝනි මේ වන විට 79 වැනි වියේ පසුවන අතර බදු වංචාවක් සම්බන්ධයෙන් සිරගතවද සිටියා.