පේරාදෙණි විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය මගින් 12 වන හිමාලය ගවේෂණය සඳහා මෙවර ප්‍රථම වරට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ III වැනි වසරේ සිසුවියක ඇතුළු සිසුන් දෙදෙනෙකු හා ඉංජිනේරු පීඨයේ අධ්‍යාපන උපදේශයෙකු ඉදිරිපත්වි ඇතැයි පේරාදෙණි විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ සභාපති ෂෙහාන් නානයක්කාර මහතා පැවසීය.
අද (25) හිමාල ගවේෂණය සඳහා සහභාගිවන 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ III වැනි වසරේ ඔමේෂා ජයමිනි සිල්වා, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ I වැනි වසරේ ප්රණාම මතගවීර, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසු සකුන් උපේක්ෂණ, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ සමන්විත වෙයි.
කණ්ඩායම දිවයිනෙන් පිටත්වීමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් වැඳ පුදා කත්මන්ඩු බලා පිටත්වී ලබන 28 වැනිදා දක්වා පෙර සූදානම්වීම් වී 29 වැනිදා කත්මන්ඩු සිට සැලරි දක්වා ගමන් කර සැලරි සිටි මීටර් 2720 ක් රින්ග්මු ඔස්සේ නොවැම්බර් 15 වෙනිදා එවරස්ට් බේස් කැම්ප් දක්වා ගොස් ගමන අවසන් කිරීමට නියමිත බවත් ඔවුහු සඳහන් කළහ.
හිමාල ගවේෂණය සඳහා විශ්වවිද්‍යාලයකින් ඉදිරිපත්වී ඇති ප්‍රථම හා ළාබාලතම ශිෂ්‍යාව වන පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ III වැනි වසරේ අධ්‍යාපනය හදාරන උමේෂා ජයමිනි සිල්වා පවසන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමයට සම්බන්ධ වූ පළමු වසරේදීම හිමාල ගවේෂණය සඳහා විශ්වවිද්‍යාලයකින් ඉදිරිපත් වීම පිළිබඳ විශාල සතුටක් ඇති බවත් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගෙන් හා විද්‍යා පීඨයේ පිඨාධිපතිවරයාගෙන් හා සියලුම ආචාර්ය මණ්ඩලයෙන් හා සිසු සිසුවියන්ගේ ඇතුළු දෙමාපියන්ගේද ආශීර්වාදය හා සහයෝගය නිසා මෙම හිමාල ගවේෂණය කිරීමට යහපත් මානසිකත්වයක් හා ධෛර්යයක් තමාවෙත ලැබුණු බවත්ය.