කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 73කින් පරාජය කර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (30දා) පැවති ඒ.අයි.ඒ. ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ (2015/16 තරග වාරය) ශූරතාව දිනාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
මෙම තරගාවලියේ ප්රවර්ථන ශූරයන්ද එන්.සී.සී. ක්‍රීඩා සමාජය වන අතර, 1998/99 තරග වාරයේ ප්‍රිමියර් තරගාවලිය ආරම්භ වීමෙන් පසු ඔවුන් දිනූ තෙවැනි ප්‍රිමියර් ශූරතාව මෙය වේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ෆර්වීස් මහරූෆ් නායකත්වය ලබාදෙන එන්.සී.සී. කණ්ඩායම තම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 255 ක් රැස් කිරීමට සමත් විය.කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉශාන් ජයරත්න නායකත්වය ලබාදෙන කෝල්ට්ස් කණ්ඩායමට පන්දුවාර 45ක් අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.
'ඒ' හා 'බී' ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය ඉකුත් නොවැම්බර් මාසයේදී ආරම්භ වූ අතර, එහි 'ඒ' කාණ්ඩයෙන් එන්.සී.සී. හා කෝල්ට්ස් කණ්ඩායම් ක්‍රීඩා කළේය. මෙහි 'බී' කාණ්ඩයෙන් පෙරමුණ ගත් එස්.එස්.සී. හා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අවසන් පූර්ව වටයේදී පරාජය විය.මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක ගුණතිලක සමත්වූ අතර, එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමගින් ඔහු තරග පහකදී ලකුණු 270 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 106ක් රැස්කිරීම ඔහුගේ ඉහළම ඉනිම වන අතර, ශතකලාභීන් දෙදෙනෙකු (කෞෂාල් සිල්වා/106) පමණක් බිහි වූ තරගාවලියේ එම ඉනිම සම ඉහළම ඉනිම වේ.
ඊට අමතරව සාර්ථකම පන්දු යවන්නා එන්.සී.සී. කණ්ඩායමේ ෆර්වීස් මහරූෆ් වන අතර, ඔහු තරග පහකදී කඩුලු 16 ක් බිඳහෙළා ඇත. කඩුලු පහ බැගින් දෙවතාවකදී කඩුලු බිඳහෙළා ඇති මහරූෆ්ගේ ඉහළම පන්දු යැවීම 5/23 ක් වේ. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ලක්ෂාන් ජයසිංහ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27කට කඩුලු 07 ක් දවාළීම ඉනිමක එක් පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොඳම පන්දු යැවීම වේ.