ඇලෙක්ස් හෙල්ස් හා ජේන් රෝයි ගේ විශිෂ්ඨ පිතිහරඹය නිසා සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති දෙවැනි එක්දින තරගය කඩුළු 10 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. එංග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් දද (24) අළුයම නිමා වූ තරගයේ ලකුණු 255 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹෘ ගිය එංගලන්ත ක්‍රීඩකයින් කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් ලකුණු 133 ක් හා ජේසන් රෝයි ලකුණු 112 ක් රැස් කිරීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩනැංවූ ලකුණු 256 ක සබඳතාව එක්දින තරගයකදී එංගලන්ත පිතිකරුවෙකු ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කළ ඉහළම ලකුණු සබඳතාව වේ. එමෙන්ම එක්දින තරගයකදී කණ්ඩායමක් කිසිදු කඩුල්ලක් නොදැවී හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය විය. තරගයේ විරයා සම්මානය ජේසන් රෝයි ට හිමිවූ අතර මෙම ජයග්‍රහණයත් සමගින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ජයගෙන එංගලන්තය ඉදිරියෙන් සිටියි. මෙහි පසුගියදා (21) පැවති පළමු තරගය ජය පැරදුමින් තොරව නිමා විය.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය එළඹෙන හෙට (26) වැනිදා බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.