ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම සිවුවැනි දිනට අද (15දා) තරගය නතර කරන විට ලකුණු 267/8 රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැදී සිටින ගැරී බැලන්ස් ලකුණු 104ක් රැස්කරගෙන සිටියි. එය බැලන්ස්ගේ පළමු ටෙස්ට් ශතකය විය.
සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (15දා) දිවා ආහාරයට පෙර දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව එංගලන්යට වඩා ලකුණු 122 පසුපසින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 453 කට සීමාවිය.
ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ශතකයක් වාර්තා කිරීම, යථාර්ථයක් කරගත් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 102 රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසතා තැබුවේය.
එංගලන්තය පළමු ඉනිම 575/9 (පන්දුවාර 130.3)
ජෝ රූට් නොදැවී 200 (පන්දු 298, 4x16)
මැට් ප්රයර් 86 (පන්දු 131, 4x10)
නුවන් ප්‍රදීප් 4/123 (පන්දුවාර 29)
ශාමින්ද එරංග 3/163 (පන්දුවාර 30)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 453/10 (පන්දුවාර 138.4)
කුමාර් සංගක්කාර 147 (පන්දු 258, 4x16)
ඇන්ජලෝ මැතිව්ස් 102 (පන්දු 172, 4x12)
කෞෂාල් සිල්වා 63 (පන්දු 160, 4x10)
ජේම්ස් ඇන්ඩර්සන් 3/93 (පන්දුවාර 31)
ක්‍රිස් ජෝර්ඩාන් 3/102 (පන්දුවාර 27.4)
එංගලන්ත දෙවැනි ඉනිම 267/8 (පන්දුවාර 68)
ගැරී බැලන්ස් නොදැවී 104 (පන්දු 188, 4x16, 6x1)
ක්‍රිස් ජෝර්දාන් 35 (පන්දු 50, 4x5)
රංගන හේරත් 4/95 (පන්දුවාර 23)
ශාමින්ද එරංග 3/63 (පන්දුවාර 18)