(UPDATE) පුරුදු පරිදි කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ලට ගොඩ නැංවූ ලකුණු 96ක සබඳතාවත්, නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අනගි ඉනිමත් හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා දෙරට අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් විය. ඒ අනුව තරගාවලිය 3-1ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියි.
තරගය ඊයේ (07දා) දිවා තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වූ අතර, මෙවර තිලකරත්න ඩිල්ෂාන් මුලු ලකුණු සංඛ්‍යාව 28දී දැවි ගියේය. කෙසේ වෙතත් දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙම තරගයේදී ලකුණු 31ක් රැස් කළේය. ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 69දී දැවී ගියේය.
ඉන්පසුව මහේල හා සංගා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය සබඳතාවක් ගොඩනැගූහ. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 96ක් එක් කළහ. සිය එක්දින දිවයේ 90 එක්දින අර්ධ ශතකය රැස්කිරීමට කුමාර් සංගක්කාර ඊයේ (07දා) සමත් විය. කෙසේ වෙතත් ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 214දී දැවීයන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරමක අවදානම් තත්ත්වයකට වැටුණි.
නමුත් ඉන් අනතුරුව පිටියට එක්වූ ළහිරු තිරිමාන්න සමගින් නායක ඇන්ජලෝ මැතිව්ස් නොබිඳුණු ලකුණු 53 සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මුළු ලකුණු සංඛ්‍යාව 241 දී ක්‍රිස් ජෝඩන්ගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් ලබාදුන් පහසු උඩපන්දුව ඇලෙක්ස් හේල්ස් අතින් ගිලිහී ගිය අතර එසේ නොවන්නට තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.
ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාරයේදී ලකුණු 4ක් අවශ්‍යව තිබුණි. ළහිරු තිරිමාන්න එක් ලකුණක් සඳහා සිය අන්තය මාරු කර ගත් අතර, ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් එල්ල කළ හතරේ පහරෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු වූ අතර, ඔහුගේ 25වැනි අර්ධ ශතකයද වාර්තා කළේය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝගන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. කෙසේ වෙතත් ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ඇලෙක්ස් හේල්ස් මුළු ලකුණු සංඛ්‍යාව 05දී පිටියෙන් ඉවත් කිරීමට ධම්මික ප්‍රසාද් සමත් වීමත් සමග තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගත්තේය.
නැවතත් මුළු ලකුණු සංඛ්‍යාව 29දී මොයින් අලී දවා ගැනීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වීමත් සමග තරගය තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට යොමුවිය.
එහෙත් නවක ක්‍රීඩක ජේම්ස් ටේලර් හා එක්වූ ජෝ රූට් තෙවැනි කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් ගොඩනංවමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළහ. ලකු‘ණු සංඛ්‍යාව 122දී ජෝ රූට් හා 170දී ටේලර් දැවී යාමෙන් පසුව එංගලන්ත ඉනිම නැවතත් කඩා වැටීම ආරම්භ විය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජේම්ස් ටේලර් සිය තෙවැනි තරගයේදී මංගල අර්ධ ශතක රැස්කළ අතර, ඔහු ශතකය ආසන්නයේදී දැවී ගියේය.
එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 85කට දැවි ගිය අතර නායක ඉයන් මෝගන් සිය අන්තය ආරක්ෂා කරමින් වේගවත් ඉනිමක් ගොඩ නැංවීය. ඔහු සිය එක්දින දිවියේ 22 වැනි අර්ධ ශතකය රැස්කරනු ලැබීය. පන්දු යැවීමෙන් ඩිල්ෂාන්, අජන්ත හා හේරත් අතර කඩුලු තුන බැගින් බෙදී ගියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම මෙම තරගයේදී එක් වෙනස්කම බැගින් සිදුකර තිබිණ. තරග තහනමකට ලක්වූ එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් වෙනුවට ජේම්ස් ටේලර් එංගලන්ත කණ්ඩායමට කැඳවා තිබූ අතර, තෙවැනි තරගයේදී විවේක ගන්වා තිබූ මහේල ජයවර්ධන තිළිණ කණ්ඩම්බි වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි.
තරගයේ වීරයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන ලැබීය. දෙරට අතර පැවැත්වෙන පස්වැනි එක්දින තරගය එළැඹෙන 10දා දිවා රාත්‍රී තරගයක් ලෙසින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එංගලන්තය 265/10 (පන්දුවාර 50)
මොයින් අලි 19 (පන්දු 20, 4x3)
ඇලෙක්ස් හේල්ස් 0 (පන්දු 1)
ජේම්ස් ටේලර් 90 (පන්දු 109, 4x6, 6x2)
ජෝ රූට් 36 (පන්දු 49, 4x1, 6x1)
රවී බොපාරා 22 (පන්දු 31)
ඉයන් මෝගන් 62 (පන්දු 47, 4x4, 6x3)
ජෝස් බට්ලර් 15 (පන්දු 22, 6x1)
බෙන් ස්ටෝක්ස් 6 (පන්දු 6, 4x1)
ක්‍රිස් වෝක්ස් 6 (පන්දු 9)
ක්‍රිෂ් ජෝඩන් 1 (පන්දු 2)
ස්ටීවන් ෆින් 1* (පන්දු 4)
ධම්මික ප්‍රසාද් 29/1 (පන්දුවාර 6)
තිලකරත්න ඩිල්ෂාන් 64/3 (පන්දුවාර 10)
රංගන හේරත් 36/3 (පන්දුවාර 10)
අජන්ත මෙන්ඩිස් 56/3 (පන්දුවාර 9)
කඩුලු වැටීම
1-5 හේල්ස්, 2-29 අලි, 3-122 රූට්, 4-170 ටේලර්, 5-173 බොපාරා, 6-203 බට්ලර්, 7-219 ස්ටෝක්ස්, 8-238 වෝක්ස්, 9-245 ජෝඩන්, 10 -265 මෝගන්
ශ්‍රී ලංකා ඉනිම 267/4 (පන්දුවාර 49.4)
තිලකරත්න ඩිල්ෂාන් 16 (පන්දු 21, 4x3)
කුසල් පෙරේරා 31 (පන්දු 41, 4x3)
කුමාර් සංගක්කාර 86 (පන්දු 105, 4x7)
මහේල ජයවර්ධන 44 (පන්දු 50, 4x4)
ඇන්ජලෝ මැතිව්ස් 51* (පන්දු 60, 4x5)
ළහිරු තිරිමාන්න19* (පන්දු 21, 4x2)
ක්‍රිස් වොක්ස් 53/1 (පන්දුවාර 9)
ක්‍රිස් ජෝඩන් 35/2 (පන්දුවාර 10)
මොයින් අලී 44/1 (පන්දුවාර 10)
කඩුලු වැටීම
1 - 28 ඩිල්ෂාන්, 2-69 කුසල් , 3- 165 මහේල, 4-214 සංගා
ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 34ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 177ක් රැස්කරගෙන තිබේ. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 89ක් අවශ්‍ය වේ.
සංගා 66* මැතිව්ස් 6*
දැවි ගිය ක්‍රීඩකයන් කුසල් 31, ඩිල්ෂාන් 16, මහේල 44*
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදි කඩුලු 10 ලකුණු 265ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක් හිමිවිය.
එංගලන්තය 265/10 (පන්දුවාර 50)
මොයින් අලි 19 (පන්දු 20, 4x3)
ඇලෙක්ස් හේල්ස් 0 (පන්දු 1)
ජේම්ස් ටේලර් 90 (පන්දු 109, 4x6, 6x2)
ජෝ රූට් 36 (පන්දු 49, 4x1, 6x1)
රවී බොපාරා 22 (පන්දු 31)
ඉයන් මෝගන් 62 (පන්දු 47, 4x4, 6x3)
ජෝස් බට්ලර් 15 (පන්දු 22, 6x1)
බෙන් ස්ටෝක්ස් 6 (පන්දු 6, 4x1)
ක්‍රිස් වෝක්ස් 6 (පන්දු 9)
ක්‍රිස් ජෝඩන් 1 (පන්දු 2)
ස්ටීවන් ෆින් 1* (පන්දු 4)
ධමිමික ප්‍රසාද් 29/1 (පන්දුවාර 6)
තිලකරත්න ඩිල්ෂාන් 64/3 (පන්දුවාර 10)
රංගන හේරත් 36/3 (පන්දුවාර 10)
අජන්ත මෙන්ඩිස් 56/3 (පන්දුවාර 9)
කඩුලු වැටීම
1-5 හේල්ස්, 2-29 අලි, 3-122 රූට්, 4-170 ටේලර්, 5-173 බොපාරා, 6-203 බට්ලර්, 7-219 ස්ටෝක්ස්, 8-238 වෝක්ස්, 9-245 ජෝඩන්, 10 -265 මෝගන්
ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේදී ලකුණු 158ක් රැස්කරගෙන සිටියි. බොපාරා 14* ටේලර් 85* නොදැවී පිටියේ රැදි සිටිති.
දැවී ගිය ක්‍රීඩකයින්
මොයින් අලී 19
ඇලෙක්ස් හේල්ස් 0
ජෝ රූට් 36
හේරත්, ඩිල්ෂාන් හා ප්‍රසාද් එක් කඩුල්ල බැගින් දවාගෙන සිටිති.
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඡායාරූප ශාන්ත රත්නායක