(UPDATE) 10.40 PM සංචාරක ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 122කින් පරාජය කරමින් දෙරට අතර පැවැති අවසන් හා පස්වැනි එක්දින තරගයද ජය ගැනිම එංගලන්ත කණඩායම සමත්විය.
ලකුනු 326ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කළ හැකි වූයේ ලකුණු 202ක් පමණි. චන්දිමාල් ලකුණු 52ක් රැස් කළ අතර ඒ ඔහු තරගාවලියේ අඛණ්ඩව වාර්තා කළ සිවුවැනි අර්ධ ශතකයද විය.
9.24 PM එංගලන්ත ණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 326ක දැවැන්ත ඉලක්කයක හඹා යමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්සුවා 26ක් අවසානයේදි කඩුලු පහකට ලකුණු 134ක් රැස්කරමින් අසීරු තත්ත්වයක සිටියි.
ඒ අනුව තවත් පන්දුවාර 24කදී ලකුණු 192ක් රැස්කළ යුතු වෙයි. දිනේෂ් චන්දිමාල් හා දසුන් ශානක පිටියේ රැදී සිටිති.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර කාඩිෆ්හි පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයට මේ වන විට පැවැත්වෙයි
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 22ක් අවසානයේදී ලකුණු 120ක් රැස්කරගෙන සිටියි.
මෙම තරගයේදී ශ්රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනිම වේගපන්දු යවන ක්රීඩක චාමින්ද බණ්ඩාර සමත්විය. කෙසේ වෙතත් ඔහු දරුණු ප්රහාරයකට ලක්විය.
ජේසන් රොයි හා ජේම්ස් වින්ස් දැවී ගිය පිතිකරුවෝ වෙති පන්දුවාර 22 අවසන් වන විට නායක ඔයින් මෝගන් ලකුණු 7ක් හා ජෝ රූට් ලකුණු 25ක් රැස්කරගෙන සිටියේය.
එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස මේ වන විට එංගලන්තය ජයගෙන තිබේ.