(UPDATE) පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලානය පිට පිටම තෙැවැනි වතාවටත් තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ එංගලන්ත කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමිනි. ඒ අනුව 2010, 2012 හා 2014 පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලි සියල්ලම ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කිරීමට සමත් වූහ. තරගය මීර්පූර් පිටියේදී පැවැත්විණි.
--------------------------------------------------------------------------------------------------
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාන්තා අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළදී ලබා ගත හැකිවූයේ කඩුලු 8කට ලකුණු 105ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 106ක ඉලක්කයක් හිමිවිය.
------------------------------------------------------------------------------------------------
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන කාන්තා අවසන් මහා තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේදී කඩුලු 2කට ලකුණු 56 ලබා ගෙන සිටියි.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායිකාව එංගලන්ත කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කළාය.
එංගලන්තය පන්දුවට පහදීම 105/0 (පන්දුවාර 20)
සාරා ටේලර් 18 (පන්දු 25)
චාලට් එඩ්වර්ඩ්ස් 13 (පන්දු 19)
හේදර් නයිට් 29 (පන්දු 24)
ඇමී ජෝන්ස් 12 (පන්දු 12)
සාරා කෝයෙට් 3/16 (පන්දුවාර 4)
එලිසේ පෙරී 2/13 (පන්දුවාර 4)
ඔස්ට්‍රේලියාව106/1 (පන්දුවාර15.1)
එලිස් විල්ලනි12 (පන්දු17)
ජේස් ජොනෑසන්15 (පන්දු)
මෙග් ලැනින් 44 (පන්දු 30)
එලිසේ පෙරී 31(පන්දු 32)
නටාලි ස්විර් 2/12(පන්දුවාර2)