එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් සංචාරක ලෝක අනුශූර නවසීලන්ත කණ්ඩායම පරාජය කර බිර්මින්ග්හැම්හිදී ඊයේ (09දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 210 ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත මෙම තරගාවලිය තරග 1-0 ක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ ලකුණු 408/9 ක් රැස්කිරීමට සමත්විය. ශතක ඉනිම් ගොඩනගමින් එංලන්තය දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ජොෂ් බට්ලර් ලකුණු 129 ක් හා ජෝ රූට් ලකුණු 104 ක් රැස්කිරීමට සමත්විය. නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් 4/55 (10) ලෙස කඩුලු දවාලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට ලකුණු 409 ක ඉලක්කයට පිළිතුරු ලෙස සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 198 ක් පමණි. ලකුණු 57 ක් රැස්කළ රොස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා විය. එංගලන්ත ජයග්‍රහණය පහසු කළ ස්ටීවන් ෆින් (4/35) හා අදිල් රශිඩ් (4/55) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරයා ලෙස ජොෂ් බට්ලර් සම්මාන දිනාගත්තේය.
එංගලන්තය පන්දුවට පහරදීම / නවසීලන්තය පන්දු යැවීම
නවසීලන්තය පන්දුවට පහරදීම / එංගලන්තය පන්දු යැවීම
මෙම තරගයේ විශේෂතා
එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු 408/9 ඔවුන් 44 වසරක සිය ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක වාර්තාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර බංග්ලාදේශයට එරෙහිව ලකුණු 391/4 රැස්කිරීම ඔවුන්ගේ ඉහළම ඉනිම විය.
එංගලන්ත කණ්ඩායම ලැබූ ලකුණු 210 ක ඉලක්කය ඔවුන් වැඩිම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණය විය. මීට පෙර ඉන්දියාවට එරෙහිව 1975 වසරේ ලකුණු 202 ක ජයක් ලබාතිබීම ඔවුන් ලබාතිබූ ඉහළම ජයග්‍රහණය විය. එමෙන්ම ඔවුන් ලකුණු 200 පරතරයකින් ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වෙයි.
එංගලන්ත පිතිකරුවන් හයේ පහර 14 ක් මෙම තරගයේදී වාර්තා කළ අතර, ඔවුන් එක්දින තරගයක වාර්තාකළ ඉහළම හයේ පහර සංඛ්‍යාව මෙය වෙයි. මීට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව හයේ පහර 12 ක් එල්ලකර තිබුණි.
එංගලන්තයේ අදිල් රශීඩ් හා ජොෂ් බට්ලර් 07 වැනි කඩුල්ලට මෙම තරගයේදී ලකුණු 177 ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූ අතර, එය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 07 වැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම සබඳතාව විය. මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායමේ ඇන්ඩි ෆ්ලවර් හා හීත් ස්ට්‍රීක් එංගලන්තයට එරෙහිව ලකුණු 130 ක සබඳතාවක් ගොඩනගා තිබුණි.
එංගලන්තයේ ජොෂ් බට්ලර් රැස්කළ ලකුණු 129 එරට කඩුලු රකින්නෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි. මීට පෙර ඔහුම (බට්ලර්) ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 121 ක් රැස්කර තිබිණි. එමෙන්ම මෙම ඉනිම එංගලන්ත අංක 06 පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.