තරංග එයි චන්දිමාල් යයි
- 3 07 2014
- 11:14
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර එළඹෙන ඉරිදා (06දා) ආරම්භ වන පළමු එක්දින තරගයට සහභාගී වන 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ (02දා) නම් කළේය.
අයර්ලන්ත තරගාවලියට ක්රීඩා කළ කිත්රුවන් විතානගේ, උපුල් තරංග හා එංගලන්ත එක්දින තරගාවලියේදී ආබාධයකට ලක්වූ සුරංග ලක්මාල් නැවත වරක් කැඳවා ඇත. ඔවුන්ට අමතරව ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ සහභාගීත්වය තවමත් නිශ්චිතව ප්රකාශයට පත්කර නැත. එසේ වුවත් ඔහු කණ්ඩායමට නම්කර ඇත. දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ.
ශ්රී ලංකා සංචිතය
01 ඇන්ජලෝ මැතිව්ස් (නායක), 02. ළහිරු තිරිමාන්න (උපනායක), 03. තිලකරත්න ඩිල්ශාන්, 04. කුසල් පෙරේරා, 05. කුමාර් සංගක්කාර, 06. මහේල ජයවර්ධන, 07. කිත්රුවන් විතානගේ, 08. අශාන් ප්රියන්ජන්, 09. උපුල් තරංග, 10. සචිත්ර සේනානායක, 11. රංගන හේරත්, 12. අජන්ත මෙන්ඩිස්, 13. තිසර පෙරේරා, 14. නුවන් කුලසේකර, 15. ලසිත් මාලිංග, 16. සුරංග ලක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

