ශ්රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට නැවතත් තරග දෙකක තහනමක් පනවා ඇති බව වාර්තා වෙයි. ඒ ඔහු ඊයේ (24දා) පැවැත තරගයේදී නියමිත වේලාවට සිය පන්දුවාර යොමුකර අවසන් කිරිමට නොහැකිවීම හේතුවෙනි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන ඊළඟ එක්දින තර දෙක ඔහුට අහිමිවෙනු ඇත. ඒ අනුව කණ්ඩායමේ නව නායකයා තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුව මේ වන විට සාකච්ඡාවක් පත්වන බවද වාර්තා වෙයි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීත් ඔහුට තරග දෙකක තහනමක් පැනවූ අතර ඒ දකුණු අප්රිකාවට එරෙහිව පැවැති තරගයේදී ඔහු නියමිත වේලාවට පන්දුවාර යොමුකිරීමට අපොහොසත්වීම හේතුවෙනි.