ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා කණ්ඩායමෙන් ආරම්භක පිතිකරු උපුල් තරංග ඉවත් කර තිබේ. නවක වේගපන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර එස්.එස්.සී. පිටියේදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ඉනිම් දෙක තුළදී පිළිවෙළින් ලකුණු 92ක් හා 45ක් රැස්කිරීමට උපුල් සමත් විය.
එසේම ආබාධයක් හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිවූ ප්රසන්න ජයවර්ධන නැවතත් කණ්ඩායමට නම් කර තිබේ. එසේම තරිඳු කෞෂාල්, දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ ස්ථාන හිමිව තිබේ.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 26දා ආරම්භ වේ. පළමු තරගය සඳහා පෞද්ගලික හේතු මත රංගන හේරත් ක්රීඩා නොකරන අතර දෙවැනි තරගයට ඔහු ක්රීඩා කරනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, නිරෝෂාන් දික්වැල්ල, ප්රසන්න ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, තරිඳු කෞෂාල්, ශමින්ද එරංග, සුරංග ලක්මාල්, ධම්මික ප්රසාද්, දුෂ්මන්ත චමීර, නුවන් ප්රදීප්