ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඩුනේඩින්හිදී අද (10දා) ආරම්භ වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 409 ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැදී සිටින ඩග් බ්රැස්වෙල් ලකුණු 32 ක් හා නීල් වැන්ග්නර් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියි.
ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මාටින් ගප්ටිල් තම තෙවැනි ටෙස්ට් ශතකය වාර්තාකරමින් ලකුණු 156 ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව කේන් විලියම්සන් (88) හා නායක බ්‍රෙන්ඩන් මැකලම් (75) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වූහ.
පන්දු යැවීමෙන් සුරංග ලක්මාල් (2/69), නුවන් ප්‍රදීප් (2/101) හා දුෂ්මන්ත චමීර (2/101) කඩුලු දෙක බැගින් දවාලමින් දක්ෂතා දැක්වූහ.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
මාටින් ගප්ටිල්
උදාර ජයසුන්දරට ටෙස්ට් වරම්
සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ ඩුනේඩීන් පිටියේ අද (10දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට උදාර ජයසුන්දර සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 55ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින මාටින් ගප්තිල් සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 115ක් රැස්කරගෙන සිටියි.
ඔහු කේන් විලියම්සන් හා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 173ක සබඳතාවක් ගොඩ නැංවීය.
සුරංග ලක්මාල් හා ණුවන් ප්‍රදීප් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබේ.