ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දෙපාර්ශ්වයම කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. පුවත්සේවය වාර්තා කරයි.
පාකිස්තාන කණ්ඩායමට අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට අවශ්‍ය අනුමැතිය පාකිස්තාන අගමැති එරට ක්‍රිකට් ආයතනයට ලබාදී තිබෙන බවද එම පුවත්සේවය සඳහන් කරයි.
ඉන්දීය සත්කාරකත්වයෙන් ඉන්දියාවේදී ක්‍රීඩා කරීමට පාකිස්තානය අකමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර පාකිස්තානයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරිමට ඉන්දියාව අකමැත්ත ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමුවිය.
තරගාවලියට එක්දින තරග පහක් හා විස්සයි20 තරග දෙකක් ඇතුළත් අතර තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.