ඉන්දියාව හා පකිස්තානය අතර එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉන්දියාව හා පාකිස්තානය එකඟ වී ඇතැයි ද හින්දු පුවත්පත පවසයි. මෙම තරගාවලිය කෙටි තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත අතර, එය කඩිනමින් පැවැත්වීමට දෙරටෙහි අවධානය යොමුව තිබේ.
ඉන්දු - පාකිස්තාන ක්‍රිකට තරගාවලිය ශ්‍රී ලංකාවේදි පැවැත්විමට පාකිස්තානය එකගතාව දැක්වුවද ඒ සඳහා අනුමැතිය ලබාදීමට ඉන්දියාව කල්ගත කරනු ලැබීය. සෙනසුරාදා දිනයේදි පාකිස්තානය ඉන්දියාවට දැන්වූයේ සඳුදාවන විට අවසනී තීරණය ලබා දිය යුතුබවයි. ඒ අනුව තරගාවලිය පැවැත්වීම පිළිබඳව මේ වන විට ඉන්දියාව සුබවාදී ආකල්පයක් දක්වා තිබේ.
ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය අද පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.