ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත දින වකවානු වලට සතියකට ප්‍රථමව ආරම්භ කිරීම සඳහා ඉන්දියාවේ අවධානය යොමුව තිබෙනවා.
අගෝස්තු මාසයේදී තරග සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර ඉන්දීය කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයක නිරතවීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඉන්දීය කණ්ඩායම නැවතත් දකුණු අප්‍රිකාව සමග සම්පූර්ණ තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගාවලිය ආරම්භයට ප්‍රථමව ඉන්දීය ක්‍රීඩකයන්ට මාසයකට ආසන්න කාලයක් විවේකයක් ලබාදීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.