ශ්‍රී ලංකාව සමගින් ඉන්දියාව අවසන් තරගයට
(UPDATE) පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන ගිය විරාත් කෝලි නොදැවී ලකුණු 72ක් රැස් කළේය.
ඒ දෙවන අවසන් පූර්ව තරගයේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් ලබමිනි. ඒ අනුව ඉරිදා දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් තරග කරනු ඇත.
ඉන්දියාව 176/4 (පන්දුවාර 19.1)
රෝහිත් ශර්මා 24 (පන්දු 13)
අජින්ක්‍යා රහානේ 32 (පන්දු 30)
විරාත් කෝලි 72* (පන්දු 44)
යුවරාජ් සිං 18 (පන්දු 17)
සුරේෂ් රයිනා 21 (පන්දු 10)
ඉම්රාන් තාහීර් 1/30 (පන්දුවාර 4)
වේන් පානෙල් 1/33 (පන්දුවාර 3)
බෙවුරාන් හෙන්ඩ්‍රික්ස් 2/31 (පන්දුවාර 4)
----------------------------------------------------------------------------------------------------------------
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් කඩුලු 4 කට ලකුණු 172 රැස් කරමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 173ක ඉලක්කයක් ලබා දුන්නේය.
මෙම තරගය ජය ගන්නා කණ්ඩායම අනිද්දා ශ්‍රී ලංකාව සමගින් අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.
දකුණු අප්‍රිකාව 172/4 (පන්දුවාර 20)
කුයින්ටන් ඩි කොක් 6 (පන්දු 4)
හෂිම් අම්ලා 22 (පන්දු 16)
පල්ෆ් ඩු ප්ලෙසිස් 58 (පන්දු 41)
ජේ.පී. දුමිනි 45*(පන්දු 40)
ඒ.බී. ඩිවිලියස් 10 (පන්දු 8)
ඩේවිඩ් මිලර් 23*(පන්දු 12)
බුවනේෂ්වර් කුමාර් 1/33 (පන්දුවාර 4)
රවිචන්ද්‍රන් අශ්වින් 22/3 (පන්දුවාර 4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
