සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියටද සාර්ථක ආරම්භයක් ලබාගනිමින්, ධර්මශාලාහිදී ඊයේ (16දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් යුත් එක්දින තරගාවලිය, තරග 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තේය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 191ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකරුවෝ කඩුලු 04ක් පමණක් වැයකරමින් තරගයේ 33.1 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත්වූහ.
උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේෂ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 43.5ක් අවසනදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 190ක් පමණි. ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ හාදික් පාණ්ද්‍යා ලකුණු 31කට කඩුලු 03ක් දවාලූ අතර, පළමු එක්දින තරගයේදීම පාණ්ද්‍යා දැක්වූ මෙම දක්ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
මෙම තරගයේ විශේෂතා
ටොම් ලේතම් (නොදැවී 79) නවසීලන්ත ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, ආරම්භක පිතිකරුවෙකු ලෙස නවසීලන්ත ඉනිම ආරම්භ කර, ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි පළමු නවසීලන්ත පිතිකරු ඔහු වේ. එමෙන්ම ජාත්‍යන්තර එක්දින පිටියේ එවැනි දක්ෂතාවක් දැක්වූ 10 වැනි පිතිකරුවාද ඔහු වේ. මෙය ලේතම් ලකුණු 50 සීමාව ඉක්මවූ 06 වැනි අවස්ථාව වන අතර, මේ දක්වා ශතකයක් හා අර්ධ ශතක පහක් ලබා ඇති ඔහු, ඉන්දියාවට එරෙහිව ලැබූ පළමු අර්ධ ශතකය මෙය වේ.
විරාට් කෝලිගේ ලැබූ අර්ධ ශතකය ඔහුගේ 37 වැනි එක්දින අර්ධ ශකකය වූ අතර, ඔහු දිවාරාත්‍රී තරගයක ලකුණු හඹායෑමේදී ලැබූ 32 වැනි අර්ධ ශතකය මෙය විය. ඒ අනුව සචින් තෙන්ඩුල්කාර්ට පමණක් ඔහු දෙවැනි වන අතර, ලකුණු හඹායෑමේදී වැඩිම අර්ධ ශතක රැස්කර ඇති පිතිකරුවා වන තෙන්ඩුල්කාර් (34) මෙහි ඉදිරියෙන් සිටියි.
ටිම් සවුති තම පළමු එක්දින අර්ධ ශතකය ලබාගැනීමට මෙම තරගයේදී සමත්වූ අතර, නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග සියයක් හෝ ඊට වැඩි ගණකක් ක්‍රීඩාකර අර්ධ ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා ඔහු වේ. එමෙන්ම අංක 09 හෝ ඊට පසු පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදීමට පැමිණ ඉහළම ලකුණු ලැබූ නවසීලන්ත පිතිකරුවාද ඔහු වේ. මීට පෙර කයිල් මිල්ස් (ලකුණු 54) පසුවිය.
හාදික් පාන්ද්‍යා මෙම තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, පළමු එක්දින තරගයේදීම තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් සිවුවැනි ඉන්දීය ක්‍රීඩකයා ඔහු වේ. මීට පෙර ලෝකේෂ් රාහුල්, මෝහිට් ශර්මා හා සන්දීප් පටෙල් මෙම සම්මානය දිනා තිබේ.