දකුණු ආසියාතික ජල ක්රීඩා තරගාවලියේ දෙවැනි දිනයට ඊයේ (20) අවසන් වන විටදී වැඩි වාසි හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වී ඇත. එහිදී ඉන්දියාව රන් පදක්කම් 32 ක් (රිදී 23, ලෝකඩ 5) සමගින් සමස්ථ පදක්කම් 60 ක් ලබා ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිද්දී ශ්රී ලංකාව රන් පදක්කම් 7 (රිදී 16, ලෝකඩ 24) ක් සමගින් සමස්ථ පදක්කම් 47 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ රුඳී ස්ටියි.
මෙම සටහනේ තෙවැනි ස්ථානය, රන් 1 ක් රිදී 1 ක් හා එක් ලෝකඩ පදක්කමක් (පදක්කම් 3) හිමි කර ගත් බංග්ලාදේශය විසින් හිමි කරගෙන ඇත.
ඊයේ දිනයේදී (19) පිහිනුම් ඉසව් 28 , කිමිදුම් ඉසව් 7 හා වෝටර් පෝලෝ ඉසව්වක් බැගින් ඉසව් 38 ක තරග පැවැත්වූ අතර එහිදී පිහිනුම් ඉසව් 6 ක හා එක් කිමිදුම් ඉසව්වන් රන් පදක්කම් හිමි කර ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
අද (20) තරගාවලියේ තෙවැනි දිනයයි.