ඇමෙරිකාවේ පැවැත්වෙන ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවලඉසව්ව ජයග්‍රහණය කිරිමට ජර්මනියේ ඇන්ජලික් කේබර් සමත්වූවාය. ඒ අවසන් තරගයේදී චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනි.
ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (10 දා) රාත්‍රියේ පැවැති කාන්තා කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී පළමු වටය ලකුණු 6-3ක් ලෙස ඇන්ජලික් ජයගත් අතර දෙවැනි වටය 6-4ක් ලෙසින් කැරොලිනා ජයගනිමින් තරගය විවෘත තරගයක් බවට පත්කළාය.
කෙසේ වෙතත් තෙවැනි වටය නැවතත් 6-4ක් ලෙස ඇන්ජලික් ජයගනිමින් ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ඉසව්ව ජයග්‍රහණය කළාය. ඒ අනුව මේ වසරේ පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය මෙන්ම ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියද ජයග්‍රහණය කිරීමට ඇන්ජලික් සමත්වූවාය.
මේ අතර එම තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ අවසන් මහ තරගය ඇමෙරිකානු වේලාවෙන් අද රාත්‍රියේ පැවැත්විමට නියමිත අතර ඒ සඳහා නොවැක් ජොකොවිච් හා ස්ටැනිස්ලාස් වව්රින්කා සුදුසුකම් ලබා ඇත.