ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් සාමාජිකාවකට රුපියල් ලක්ෂය බැගින්ද ප්‍රධාන පුහුණුකාරිණියට රුපියල් ලක්ෂ 03 ක මුදල බැගින්ද ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (29දා) ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව දිනූ කණ්ඩායම හා පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට උපහාර පුද කිරීමේ උත්සවයේදී නිල වශයෙන් අදාළ චෙක්පත් ඔවුන් වෙත ප්රදානය කෙරිණි.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ලෝකඩ පදක්කම් දිනූ ඉන්දික දිසානායකට රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන් දහසක්ද (රු.375,000), තුසිත අබේකෝන්ට හා තිලංග පළඟසිංහට රුපියල් දෙලක්ෂ හැත්තෑපන් දහස (රු.275,000) බැගින්ද මුදල් ත්‍යාග එහිදී ප්රදානය කෙරිණි. එමෙන්ම චතුරිකා ප්‍රියන්තිට රුපියල් හැත්තෑ පන්දහසක (රු.75,000) මුදලක්ද හිමිවිය.
කෙසේ වෙතත් ඉන්දික දිසානායකට රුපියල් හත්ලක්ෂ පනස් දහසක් (රු.750,000) හිමිවිය යුතු අතර තරග ප්‍රතිඵල ඇතුළත් පත්‍රිකාවල සිදුවූ අතපසුවීමකින් අදාළ මුදල් ඔහුට හිමිව නොමැත. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය ඔහුට හිමි අදාළ මුදලේ හිඟ මුදල් ප්‍රමාණය සතියක් ඇතුළත ලබාදීමට එකඟ වී ඇතැයිද වාර්තා වේ.
මෙහිදී තිලංග පළඟසිංහගේ පුහුණුකරුවූ ඩබ්.ඒ.ආර්.ඩී.වංශපුරට රුපියල් පනස් හයදහස් දෙසිය පනහක (රු.56,250) මුදලක් හා ඉන්දික දිසානායක, තුසිත අබේකෝන් හා චතුරිකා ප්‍රියන්ති යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු වූ ආර්.බී. වික්‍රමසිංහ මහතාට පිළිවෙළින් රුපියල් අනූතුන් දහස් හත්සිය පනහක් (රු.93,750) හා රුපියල් පනස් හයදහස් දෙසිය පනහක් (රු.56,250) රුපියල් දහඅට දහස් හත්සිය පනහක් (රු.18,750) යනාදි වශයෙන් මුදල් ත්‍යාග හිමිව තිබේ. පුහුණුකරුවන් සඳහා මුදල් ත්‍යාග ලබාදීමේදී අදාළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට ලබාදෙන මුදලින් 25% ක මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මේ අනුව ආසියානු යොවුන් දැල්පන්දු කණ්ඩායම වෙනුවෙන් රුපියල් පහළොස් ලක්ෂය (රු.15,00000) මුදලක්ද පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට රුපියල් එකළොස් ලක්ෂ විසිපන්දහසක (රු.11,25,000) මුදලක්ද ක්‍රීඩා අමාත්‍යාංශය ප්රදානය කළේය. එහිදි රුපියල් විසිහය ලක්ෂ විසි පන්දහසක (රු.26,25,000) මුදලක් ඒ සඳහා අමාත්‍යාංශය වැය කර තිබුණි.
ආසියානු යොමුන් දැල්පන්දු ශූරියන්
පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ පදක්කම් දිනූවන්
යොවුන් දැල්පන්දු නායිකා ගයනි දිසානායක විසින් ක්‍රීඩා අමාත්‍යවරයා කුසලානය පිළිගන්වමින්
යොවුන් දැල්පන්දු උපනායිකාව ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ
ඡායාරූප - ශමීර රාජපක්ෂ