එළැඹෙන 2015 වර්ෂයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් පසු තමන් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පාකිස්තානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩී පවසයි.
සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් අෆ්රිඩී පැවසුවේ, තම විශ්‍රාම ගැනීම නිසියාකාරව දැනුම් දීමට හැකිවූ එකම පාකිස්තානු ක්‍රීඩකයා තමන් බවයි.
“මට අවශ්‍ය වුණෙ සුදුසු කාලෙදී ගෞරවනීය ලෙස ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අනාගතයේදී මගේ ස්ථානය දක්ෂ තරුණ ක්‍රීඩකයෙකුට හිමිවෙයි කියලා* අෆ්රිඩී තවදුරටත් පැවසීය.
පාකිස්තානු නිත්‍ය එක්දින නායක මිස්බා උල් හක් ආබාධයකට ලක්වීම නිසා පසුගියදා නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියේදී අෆ්රිඩීට කණ්ඩායමේ නායකත්වය හිමිවූ අතර, එහිදී ඔහු තුන් ඉරියව්වෙන්ම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්විය.
කෙසේ නමුත් අෆ්රිඩී 2016 වර්ෂයේදී පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය තෙක් පන්දුවාර විස්ස ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නියමිතය.
Graphic - මංජු ප්‍රදීප්