ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ට හා පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ෂාට සිය වාර්තා අබිබවා යාමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.මේ දක්වාම ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති පන්දු යවන්නා වන මුරලි එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 800කි.කෙසේ වෙතත් එම වාර්තාව අශ්වින්ට හා යසීර්ට අබිබවා යා හැකි බව මුරලි පවසයි.
ඉන්දියාවේ 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
"වාර්තා තිබෙන්නේ බිඳ වැටෙන්න. අශ්වින් හා යසීර් දැන් ඉන්න රිද්මය අනුව ඔවුන්ට මගේ වාර්තා බිඳළිය හැකියි. එයට ළඟාවිම රඳා පවතින්නේ රිද්මය හා ශාරිරික යෝග්‍යතාව මතයි" යැයි මුරලි පවසයි.අශ්වින් මේ වනවිට ටෙස්ට් තරග 39කදී බිඳහෙළාඇතිකඩුලු සංඛ්‍යාව 220කි. ඔහු මුරලිට වඩා වේගයෙන් ටෙස්ට් කඩුලු 100, 150 හා 200ට ළඟාවිය.
යසීර් ෂා ටෙස්ට් තරග 17කදී ටෙස්ට්කඩුලු 102ක්බිඳහෙළාඇතිඅතර, ඔහුමුරලිටහාඅශ්වින්ටවඩාවේගයෙන්ටෙස්ට්කඩුලු 50 හා 100 සීමාවටළඟාවිය. අශ්වින්හායසීර්මේවනවිට 30 වැනිවියේපසුවෙති.
මුරලි ටෙස්ට් තරග 133කදී කඩුලු 800ක් බිඳ හෙළීමට සමත්විය.