අවසන් තරග දෙකේදීත් දෝනිට විවේකය
- 10 11 2014
- 21:27
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්මට නියමිත සිවුවැනි හා පස්වැනි එක්දින තරග සඳහාද ඉන්දීය කණ්ඩායමේ නායක මහෙන්ද්‍ර සිං දෝනි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව එම තරග දෙකේදීද ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විරාත් කෝලිට හිමිව තිබේ.
එසේම පළමු තරග ත්‍රිත්වයට නම් කළ ශිකර් දවාන්, රවීන්ද්‍ර ජඩේජා, ඉෂාන්ත් ශර්මා, අමිත් මිශ්රා, රිද්දිමාන් සහා සහ මුරලි විජේ අවසන් තරග දෙකෙන් ඉවත්කර ඇත.
2009 වසරේ ජනවාරි මාසයේදී අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් එක්දින තරගාවලියකට එක්වූ රොබින් උතප්පා අවසන් තරග දෙකට කැඳවා ඇති අතර, ආබාධයකින් පසුව සුවය ලැබූ රෝහිත් ශර්මාද කණ්ඩායමට කැඳවා තිබේ. සිවුවැනි තරගය 13 වැනිදාත් පස්වැනි තරගය 16 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
ඉන්දීය සංචිතය
විරාට් කෝලි, අජින්ක්‍යා රහානේ, රෝහිත් ශර්මා, අබ්බති රයිදු, සුරේෂ් රයිනා, රොබින් උතප්පා, ආක්ෂාර් පටේල්, කරන් ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින්, උමේෂ් යාදෙව්, දවාල් කුල්කර්නි, ස්ටුවර්ට් බිනී, විනේ කුමාර්, කේඩර් ජාදේව්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

