ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ගාල්ලේද අද නිමාවූ පළමු ටෙසට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලැබීය. තරගයෙන් අනතුරුව ක්‍රිකට් පිටියේ වාර්තා රාශියක් අලුත්වූ අතර මේ ඒ පිළිබඳව වන සටහනකි.
-
1985 වසරේදී පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 99 ක ඉලක්කයක් පසුකර ජයග්‍රහණය ලබා තිබූ අතර, අද (10දා) දිනයේදී ශ්‍රී ලංකාව එයට පිළිතුරු ඉනිමක් ක්‍රීඩාකළේය.
-
2014 වසරේදී ජාත්‍යන්තර කඩුලු 50 ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට රංගන හේරත් මෙම තරගයේදී පත්විය. ජේම්ස් ඇන්ඩර්සන් (46) සහ ඩේල් ස්ටේන් (41) මෙහි දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙති.
-
මහේල ජයවර්ධන තම ටෙස්ට් දිවියේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩාකළ පළමු අවස්ථාව මෙය වෙයි.
-
පාකිස්තානයට එරෙහිව හොඳම පන්දුවට පහරදීමේ සාමාන්යතාවක් පවත්වා ඇති ටෙස්ට් පිතිකරුවන් අතර සංගක්කාර (84.59) දෙවැනි ස්ථානයේ සිටින අතර, ඉන්දියාවේ විරේන්ද්‍ර ශෙවාග් (91.14) එහි පෙරමුණේ සිටියි. එහි ටෙස්ට් නායකයන් අතර ඇන්ජලෝ මැතිව්ස් (100.60) දෙවැනි ස්ථානයේ සිටියි.
-
වැඩිම ලකුණු සංඛ්‍යාවක් වැයකර කඩුලු 05 ක් (පළමු ඉනිම, 5/166) බිඳහෙලූ ලොව පළමු පන්දු යවන්නා සයීඩ් අජ්මාල්ය. (මීට පෙර 1991දී ඩී. මොරිස්න් 5/153)
-
පාකිස්තානු පන්දු යවන්නෙකුට එරෙහිව (සයීඩ් අජ්මාල් ) ලකුණු 500කට වැඩියෙන් ලබාගත් පළමු පිතිකරුවා සංගක්කාර වන අතර, එවැනි දස්කමක් දැක්වූ පළමු ආසියාතික පිතිකරුවාද ඔහුය.
-
සංගක්කාර මෙවර ඔහුගේ 10 වැනි ද්විත්ව ශතකය ලබාගත් අතර, ඒ සමග ඔහු ලොව වැඩිම ද්විත්ව ශතකලාභීන් අතර දෙවැනි ස්ථානයට පැමිණියේය. එහි පළමු ස්ථානයේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (12) සිටින අතර, තෙවැනි ස්ථානයේ බ්‍රයන් ලාරා (09) සිටියි. නමුත් සංගක්කාර අවස්ථා 13කදී ලකුණු 190 කඩඉම පසුකර ඇත.
-
යුනිස් ඛාන් මෙම තරගයේදී තම 99 වැනි උඩපන්දුව රැකගත් අතර, ඔහු තවත් එක් උඩපන්දුවක් රැකගතහොත් උඩපන්දු 100 ලබාගත් පළමු පාකිස්තානු පන්දු රකින්නා වේ.
-
මැතිව්ස් ලකුණු 91 ට දැවීගිය තෙවැනි අවස්ථාව මෙය වූ අතර, එම සියල්ලම පාකිස්ථානය හමුවේ වීම සුවිශේෂීය. ඔහුට අමතරව මයිකල් ක්ලාක්, බ්‍රයන් ලාරා ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ලකුණු 91 ට තුන් වතාකවකදී දැවීගොස් ඇත.
-
අංශ තුනෙහිම වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර සංගක්කාර (26,006) තෙවැනි ස්ථානයේ පසුවෙයි. තෙන්ඩුල්කාර් (34357), පොන්ටින් (27483) එහි පළමු දෙවැනි ස්ථානවල පසුවෙයි.
-
එක් කණ්ඩායමකට එරෙහිව ලකුණු 150 ට වැඩියෙන් රැස්කර ඇති පිතිකරුවන් අතර සංගක්කාර (පාකිස්ථානය - 6) දෙවැනි ස්ථානයේ සිටින අතර, බ්‍රැඩ්මන් (එංගලන්තය - 11) එහි පළමු ස්ථානයේද, තෙන්ඩුල්කාර් (ඔස්ට්‍රේලියාව - 6) තෙවැනි ස්ථානයේද පසුවෙයි. එමෙන්ම සංගක්කාර ඉනිම් 18කදී ලකුණු 150 ට වැඩියෙන් රැස්කර බ්‍රැඩ්මන් සමගින් තෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙන්ඩුල්කාර් (19) එහි පෙරමුණෙහිද ලාරා (19) දෙවැනි ස්ථානයේද පසුවෙයි.
-
අංශ තුනෙහිම ලකුණු 50 ට වැඩියෙන් රැස්කර ඇති පිතිකරුවන් අතර තෙන්ඩුල්කාර් (264) ඉදිරියෙන් සිටින අතර, පොන්ටින් (217), කලිස් (211), සංගක්කාර (200), ඩ්‍රාවිඩ් (194), ජයවර්ධන (181) සෙසු ස්ථානවල පසුවෙයි.
-
මහේල හා සංගක්කාර මෙම තරගයේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ 100 වැනි අවස්ථාව වූ අතර, ඔවුන් දෙදෙනා එම කඩුල්ලට ලොව වැඩිම ලකුණු (5885) රැස්කර ඇති පිතිකරුවන් දෙදෙනාද වෙති. ඩ්‍රාවිඩ් - තෙන්ඩුල්කාර් (5826) එහි දෙවැනි ස්ථානයේද, අම්ලා - කලිස් (3577) තෙවැනි ස්ථානයේද පසුවෙති.
-
සංගක්කාර 2014 වසරේ මේ දක්වා අංශ තුනෙහිම රැස්කළ ලකුණු ප්‍රමාණය 2000 ඉක්මවා ඇති අතර, වසර හයකදී මෙම කඩඉම පසුකළ ලොව පළමු පිතිකරුවා සංගකක්කාරය. මීට පෙර තෙන්ඩුල්කාර් වසර 05කදී මෙම දස්කම දක්වා තිබිණි.
-
සංගක්කාර පාකිස්තානයට එරෙහිව අංශ තුනෙහිම රැස්කර ඇති ලකුණු ප්‍රමාණය 4500 ක් වන අතර, සංගක්කාර එක් කණ්ඩායමකට එරෙහිව එම කඩඉම පසුකළ ලොව 06 වැනි පිතිකරුවා වේ. එමෙන්ම ඔහු තෙන්ඩුල්කාර්ගෙන් පසු එම දස්කම දැක්වූ දෙවැනි ආසියාතික පිතිකරුවාද වෙයි.
-
ලොව ඕනෑම කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් ලකුණු 2500 ට වැඩියෙන් ලබාගත් 20 වැනි පිතිකරුවා සංගක්කාර වන අතර, එම දස්කම දැක්වූ තුන්වැනි ආසියාතික පිතිකරුවාද (තෙන්ඩුල්කාර්, ගවස්කාර්) වෙයි.
-
සංගක්කාර මේ වනවිට පාකිස්තානයට එරෙහිව රැස්කර ඇති ටෙස්ට් ලකුණු ප්‍රමාණය 2707 ක් වන අතර, එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලොව ඕනෑම කණ්ඩායමකට එරෙහිව ලකුණු 2500 ට වැඩියෙන් රැස්කළ පළමු අවස්ථාව වෙයි.
-
ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිවුවැනි කඩුල්ලට ශතක සබඳතා ගොඩනැගූ පිතිකරුවන් අතර, මිස්බා - යුනිස් හා මහේල - සමරවීර අවස්ථා 10 බැගින් වාර්තා කර සම තත්ත්වයේ සිටිති.
-
ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම හයේ පහර එල්ලකර ඇති ටෙස්ට් පිතිකරුවන් අතර ඉන්දියාවේ නව්ජොට් සිද්ධු (18) ඉදිරියෙන් සිටින අතර, යුනිස් ඛාන් (15), විරේන්ද්‍ර ශෙවාග් (15), කෙවින් පීටර්සන් (15), වසීම් අක්රම් (13) සෙසු පිතිකරුවෝ වෙති.
-
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු රැස්කර ඇති සංචාරක පිතිකරුවා වන්නේ යුනිස් ඛාන්ය.(437)
-
යුනිස් ඛාන් දැවීගොස් ඇති පන්දු යවන්නන් අතර, රංගන හේරත් හා ඩේල් ස්ටේන් හමුවේ වැඩිම වාරගණනකදී (6 වතාවක්) දැවීගොස් ඇත.
-
පාකිස්තානයේ වැඩිම වාර ගණනකදී පන්දුව කඩුල්ලේ වැදී දැවීගිය පිතිකරුවා සලීම් මලික් (31) වේ. ඉම්ටියාස් අහමඩ් (27), ඉන්නමාම් උල් හක් (23), යුනිස් ඛාන් (22) දෙවැනි හා තෙවැනි ස්තානයන්ගේ පසුවෙයි.
-
ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු රැස්කර ඇති සංචාරක පිතිකරුවා යුනිස් ඛාන් (1998) වේ. මීට පෙර සචින් තෙන්ඩුල්කාර් ලකුණු 1995 රැස්කර තිබුණි