එංගලන්ත කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වීම හරහා ඉන්දීයාවේ ඇස් ඇරෙනු ඇති බව ශ්රී ලංකා කණඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පවසයි.
ඉන්දීය කණ්ඩායම එංගලන්තයේදී ලැබූ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්රකාශ කළේය.
"ඉන්දියානු ප්රිමියර් ලීග තරගාවලිය නිර්මාණය කිරීම ගැන මම ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයට දෝෂාරෝපණය කරනවා. මේ හරහා ක්රීඩකයන් තමන්ගේ තාක්ෂණය ගැන හොයන්නෙ නැතිව මුදල් පසුපස හඹායනවා. ඉන්දියාවෙන් තවත් තෙන්ඩුල්කාර් කෙනෙක්, අසාරුඩීන් කෙනෙක් හෝ ගවස්කාර් කෙනෙක් මම දකින්නෙ නෑ" යැයි අර්ජුන පවසයි.
"මම හිතන්නෙ ඔවුන් වැඩිපුරම කෙටි තරග රටාව ගැන අවධානය යොමුකරලා තියෙනවා. ඔවුන් ටෙස්ට් ක්රීඩාවට නිපුණ වෙලා නෑ. විරාත් කෝලි වගේ ක්රීඩකයෙක් අසමත් වෙනවා දකින්න අවසනාවක්" යනුවෙන්ද අර්ජුන පවසයි.
එන්.ඩී.ටී.වී.ඇසුරෙනි