පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සිදුවූ බව කියන තරග පාවාදිම් පිළිබඳව විනිසුරු මුකුල් මුද්ගල් කමිටුව විසින් සකස් කළ අතුරු වාර්තාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (29දා) භාරදී තිබේ.
ඒ අනුව මෙම නඩුව එළඹෙන පළමුවැනිදා නැවතත් විභාගයට ගැනීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ දැනුම්දිමකට අනුව අතුරු වාර්තාව සකස්කරනු ලැබීය.