වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් හා තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා නම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ලබන සතියේදී ආරම්භවීමට නියමිතය.
සර්ෆාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන විස්සයි20 සංචිතය සඳහා 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇත. තරගාවලියේ පළමු තරග දෙක අබුඩාබි හි ඔක්තෝබර් 26 දා හා 27 දා පැවැත්වෙන අතර අවසන් තරගය ලාහෝර් හි ඔක්තෝබර් 29 දා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අමීර් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහු එක්දින තරගාවලිය අහිමිවිය. අමීර් විස්සයි20 සංචිතයට නම් කළත් අවසන් 11 දෙනා අතර ක්‍රීඩා කිරීම ඔහුගේ ශාරීරික යෝග්‍යතාව අනුව සිදුවෙනු ඇත.
ලෝක කණ්ඩායම හා පැවැති විස්සයි20 තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායමේ ස්ථානය අහිමිවූ මොහොමඩ් අමීර් නැවතත් විස්සයි20 සංචිතයට නම්කර තිබේ.
එක්දින තරගාවලියේදී මෙතෙක් සාර්ථක නොවූ අහමඩ් ශේෂාඩ්ද කණ්ඩායමේ ස්ථානය වෙන්කරගෙන ඇත.
පාකිස්තාන විස්සයි20 සංචිතය - සර්ෆාස් අහමඩ් (නායක/කඩුලු රකින්නා), ෆක්හාර් සාමන්, අහමඩ් ශේෂාඩ්, බාබර් අසාම්,ශොයිබ් මලික්, මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම්, ශාඩබ් ඛාන්, මොහොමඩ් නවාස්, ෆාහීම් අෂ්රෆ්, හසන් අලී, අමීර් යමින්, රුම්මාන් රායිස්, උස්මාන් ශින්වාරි, උමාර් අමීන්, මොහොමඩ් අමීර් (ශාරීරික යෝග්‍යතාව අනුව)