බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අල් අමින් හුසේන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ සැක මතු වී ඇත. ඒ ඊයේ (09දා) අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් - බංග්ලාදේශ ටෙස්ට් තරගය අතරතුරදීය.
ඒ අනුව පසුගිය ජූලි මාසයේ සිට පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ සැක මතු වූ හයවැනි පන්දු යවන්නා හුසේන්ය. කෙසේ නමුත් එම චෝදනා ලැබූ ක්‍රීඩකයන් අතරින් පළමු වේගපන්දු යවන ක්‍රීඩකයා වන්නේද ඔහුය.
මේ සම්බන්ධයෙන් හුසේන් දින 21 ක් ඇතුළත කාඩිෆ් විශ්වවිද්‍යාලයේ හෝ බ්‍රිස්බේන් සරසවියේ පැවැත්වෙන පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතය.